මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව පුරා නැඹුරුවක් දැකිය හැකියි. මස් පරිභෝජනයේ පෝෂණ හා පාරිසරික බලපෑම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමත් සමඟම, නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් ප්‍රෝටීන් සඳහා අඛණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා විවිධ ප්‍රභවයන් වෙත යොමුවෙමින් සිටිනවා. Dan Riegler මොවුන්ගෙන් එක් අයෙක් වන අතර ඔහු Karana හි සම නිර්මාතෘවරයා ද වනවා. Karana යනු මුළුමනින්ම ශාක ආහාර මත පදනම් කර ගත් මස් වෙළෙඳ නාමයක්. එය සිංගප්පූරු සමාගමක්. Dan Riegler පවසන්නේ ඌරු මස් යනු කලාපයේ වැඩි වශයෙන් පරිභෝජනය කරන මාංශ වර්ගය වන බවත් ඒ සඳහා අවශ්‍යතාවය සපුරාලන ආදේශක මෙතෙක් දැකීමට නොමැති බවයි. ලෝක ඌරු මස් නිෂ්පාදනයෙන් හා පරිභෝජනයෙන් අඩක්ම ආසියාව තුළ සිදුවන අතර වැඩිම ඉල්ලුම ඇත්තේ චීනයෙන් බවයි ඔවුන් පවසන්නේ. මෙහිදී Riegler සහ ඔහුගේ සම-නිර්මාතෘ Blair Crichton මීට පෙර ශාක පදනම් කරගත් මස් සඳහා විකල්ප නිෂ්පාදනය කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් ලෙසට මෙම දෙපළ විසින් ඌරු මස් සඳහා ආදේශකයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. එය ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා කොස්වලින් සාදනු ලබන්නනක්. Karana පසුගිය 2020 ජූලි මාසයේ දී Big Idea Ventures ඇතුළු ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 1.7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට සමත්ව තිබෙනවා.
මෙය සිංගප්පූරුවේ රාජ්‍ය ආයෝජන සමාගමක් වන Temasek සහ එක්සත් ජනපදයේ මාංශ සමාගමක් වන Tyson Foods ඇතුළු ආයෝජකයින්ගෙන් සමන්විත ශාක පදනම් කරගත් ආහාර සඳහා කැප වූ අරමුදලක් වනවා.
67