මෙවර රාමසාන් මාසයේ මක්කමේ වන්දනාමාන (උම්රාහ්) කටයුතු කිරීම සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් අය සහ වෛරසයෙන් පතිශක්තිකරණය වූ අය සඳහා පමණක් අවසර ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. එරට හජ් හා උම්රාහ් (වන්දනාමාන) අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව සෞදි රජයේ දී COVID-19 එන්නත මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයින්, වන්දනා ගමනට පෙර අවම වශයෙන් දින 14 කට පෙර හෝ එන්නත එක් මාත්‍රාවක් ලබා ගත් අය හෝ වෛරසයෙන් සුවය ලැබූ අය මේ සඳහා අදාළ බවයි එම අමාත්‍යංශය වැඩිදුර පවසා සිටියේ. සෞදි අරාබියේ දී වෛරසය ආසාදිතයින් 393,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මිලියන 34ක ජනගහනයක් ඇති සෞදියේ එන්නත් මිලියන පහකට වඩා ලබා දී ඇති බව රාජධානියේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
85