කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් පසු පළමු වරට බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 4,195ක් වාර්තා වී ඇති බව සඳහන් වේ. කොවිඩ් මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවෙන් අමෙරිකාවට පමණක් දෙවැනි වන බ්‍රසීලයේ මේ වන විට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 337,364ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,106,058ක් ලෙස විදෙස් වාර්තා සඳහන් කරයි. එරට රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි ගොස් ඇති අතර රෝහල් පහසුකම් නොමැතිවිම හේතුවෙන් විශාල පිරිසක් දෛනිකව මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෛරස ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ ගිය ද රට වසා දැමිම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සෝනාරෝ තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ
15