2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට ලබාදී තිබූ කාල සීමාව දිර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එම තැන්පතු ගිණුම් විවෘත කිරීමට ලබා දී ඇති කාල සීමාව අවසන් වීමට තිබුණේ හෙට දිනයේයි. එමෙන්ම මෙම ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රදවා ගැනීමේ අරමුණින් අතිරේක පොලියක් ගෙවීමට සිදුවෙනවා. ඒ සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
12