ළමුන් සම්බන්ධයෙන් සිදු කරමින් පැවති ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබෙනවා. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ එය ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් වාර්තා වූ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධතාවක් දක්නට ඇති බවට යුරෝපීය ඖෂධ නියෝජිතායනයේ නිලධාරියෙකු සිදු කළ පෞද්ගලික ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්. ඇස්ට්‍රාසෙනිකා එන්නත ළමුන්ට අනාරක්ෂිත බවට කිසිදු සාක්ෂියක් නොමැති වුව ද, විද්‍යාඥයින් විසින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බවයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් සඳහන් කළේ. ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් බ්‍රිතාන්‍යය විසින් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. එම පර්යේෂණාත්මක අත්හදා බැලීම් සඳහා, ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ අවුරුදු 06 සිට අවුරුදු 17 දක්වා වයස් කාණ්ඩවල ළමුන් යොදාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
13