ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කළා.
අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට 41,6677දෙනෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබාගන්නා බවත්, ඉන් 23,8640 ක් සඳහා දීමනාව 2500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකර ඇති අතර ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් රුපියල් 500 වැඩිකිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොළියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකර ඇති බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.
14