තමිල්නාඩුවේ මැතිවරණ නාඩකම අදින් අවසන්

Monday, 05 April 2021 - 10:53

තමිල්නාඩුවේ මැතිවරණය අනිද්දා දින පැවැත්වීමට නියමිතයි. ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව පෙබරවාරි 26 වන දින තමිල්නාඩුවේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර තිබේ. සතියක් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව සම්පුර්ණ කරමින් සන්ධාන පක්ෂ සමඟ මැතිවරණ කොට්ඨාස වෙන් කළොය. ඉන් අනතුරුව ඩී.එම්.කේ නායක එම්.කේ. ස්ටාලින්, මහ ඇමති එඩපාඩි පලනිසාමි, කමල් හසන්, සීමන් සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ මහලේකම් ඩීටීවී දිනකරන් නායකයින් ඇතුළු පක්ෂ නායකයින් කඩිමුඩියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළෝය. සියළුම මැතිවරණ කොට්ඨාශවලින් ඩී.එම්.කේ. සහ එහි පාක්ෂිකයන් ඡන්ද රැස් කළහ. අග්‍රාමාත්‍ය මෝදි, රාහුල් ගාන්ධි, අමිත් ෂා, ජේ. පී. නට්ටා සහ ප්‍රියංකා ගාන්ධි ඇතුළු ජාතික නායකයින් තමිල්නාඩුවට පැමිණ දැඩි ඡන්ද රැස්කිරීමේ නිරත වූහ. අපේක්ෂකයින්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඡන්ද කොට්ඨාශවල ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා වෙනස් ආකාරයකින් මැතිවරණ ප්‍රචාර කිරීමට සම්බන්ධ වූහ.
ඔවුන් ඡන්ද දායකයින්ට තෝසේ සාදා දීම්, ඇඳුම් සෝදා දීම, බෑන්ඩ් වාදනය කිරීම වැනි ඡන්ද එකතු කිරීමට බොහෝ දේ කළහ. පසුගිය මාසයක් පුරා තිබූ උද්දාමය අදින් අවසන්ය. මැතිවරණයට දින දෙකකට පෙර සවස 5 වන තෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවසර ඇත. එනමුත් තමිල්නාඩු මැතිවරණ කොමසාරිස් සත්‍යප්‍රදා සාගු මෙවර 7 දක්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවසර ලබා දී තිබුණි. එම නිසා අද රෑ හත වෙනතෙක් නායකයින් සුළි කුණාටුවක් මෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට නියමිතයි.

10


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More