මිචෙල් මාෂ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි – රෝයි සන්රයිසස් කණ්ඩායමට

Thursday, 01 April 2021 - 12:05

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා. දිගු කාලයක් ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමට සිදු වන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් මිචෙල් මාෂ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවවට එංගලන්ත පිතිකරු ජේසන් රෝයි සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ. මෙවර අයි.පී.එල් වෙන්දේසියේ දී ජේසන් රෝයි මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ. කෙසේ වෙතත්, වෙන්දේසියට ඉදිරිපත් වීමේ දී ඔහුට හිමි වූ මූලික වටිනාකම වන ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලට ජේසන් රෝයි සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇති බව සදහන්

40


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More