කටාර් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික සේවකයින්ගේ වැටුප් ඉහළට

Wednesday, 31 March 2021 - 12:02

කටාර් රාජ්‍යයේ සේවය කරන සියලුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක එය සඳහන් බවයි. එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර තිබෙනවා.
මේ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායකයක් තීරණය කල මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට බවට කටාර් රාජ්‍ය පත්වනවා. මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර් හි සේවය කරන සියළුම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙනවා. මේ සඳහා ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඇතුලත්.
අවම වැටුප කටාර් රියාල් 1,000 ගෙවීමට අමතරව සේවකයින්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබාදිය යුතු අතර එසේ එම පහසුකම් ලබානොදෙන්නේ නම් ඊට පිලියම් ලෙස ආහාර සඳහා රියාල් 300ක් ද, නවාතැන් සඳහා රියාල් 500 ක් වශයෙන් අමතර ගෙවීමක්ද සේවකයාට ලබාදිය යුතුයි. මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ට තවදුරටත් එරටින් පිටවීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා පිටවීමේ බලපත්‍රයක් හෝ විරෝධතා සහතිකයක් අවශ්‍ය නැහැ.
එය කටාර් පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය සඳහන් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
එසේම මෙතෙක් කල් ස්වාමියා යටතේ සේවය කිරිමේ නීතියද මෙම අවම වැටුප් වැඩිවීමත් සමග අහෝසි වනවා.

28


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්...
Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද...Read More

මෙරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙගා සංවර්ධන...
Wednesday, 28 April 2021 - 12:00

මෙරට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රි...Read More

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බ...
Tuesday, 20 April 2021 - 12:19

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම ස...Read More