නීතිපති උපදෙස් අනුව ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

Monday, 29 March 2021 - 09:24

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ, ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සදහා පරිපාලන කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේනතුව ලබා දුන් උපදෙස් අනුවයි ඒ අනුව මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය තෙක් මෙම නව කමිටුව විසින් ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීමට නියමිතයි. 2019 වසරේ පෙබරවාරි 21 වනදා පැවැති ක්‍රිකට් නිළවරණයේ දී ක්‍රිකට් ආයතනය සදහා වත්මන් නිළධාරී මණ්ඩලය තේරී පත්වුණේ වසර දෙකක කාලයක් සදහායි. ඒ අනුව ඔවුන්ගේ ධූර කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන්ව තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්න කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන නිශාන්ත රණතුංග මහතා පසුගිය දෙවනදා ක්‍රීඩා අමාත්‍යරවයා වෙත යොමු කළ ලිපියකින් ඉල්ලා තිබුණේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් පරිපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඉන් අනතුරුවයි මැයි 20 වනදා පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාම සදහා නව කළමණාකරණ කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව ද නිර්දේශ ලබා දී තිබුණේ


23


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More