කොළඹ ආකේඩ් පරිශ්‍රයෙන් නව අංග රැසක් සමඟ ගුණාත්මක සේවයක්

Tuesday, 23 March 2021 - 10:43

කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිටියදී මෙම ආකේඩ් නිදහස් චතුරස්‍ර සංකීරණය ඉදිකරන ලදී. මෙය ප්‍රථම වතාවට බදු දීම සඳහා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා කුලී බදු ගිවිසුමකට අත්සන් තැබීය. පසුගිය යහපාලන රජය යටතේ මෙම ආකේඩ් පරිශ්‍රය නිසියාකාරව නඩත්තු කර තිබුණේ නැත. බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙම බදු ගිවිසුම අත්සන් තැබිණ. වසර 10 ක කාලයකට යටත්ව ක්‍රියාත්මක වන මෙම බදු ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සොෆ්ට්ලොජික් සමාගමේ උප සභාපති හරේෂ් කයිමාර් යන මහත්වරුන් අත්සන් තැබිණ. මෙහිදී අත්සන් තැබූ බදු ගිවිසුම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් අතර හුවමාරු කෙරිණ. අත්සන් කළ බදු ගිවිසුම වසර 10 ක කාලයකට බල පැවැත්වෙයි. ඒ අනුව ආකේඩ් පරිශ්‍රයේ අයිතිය හැර, එහි සියලු කටයුතු නිදහසේ කිරීමේ අයිතිය සොෆ්ට්ලොජික් සමාගමට හිමිවිණ.
ඒ යටතේ කළමනාකරණය, නඩත්තුව, මෙහෙයුම්, ගොඩනැගිලි භාවිතය ඇතුළු සියලු සේවාවන් පවත්වාගෙන යාමට අවසරය හිමි වෙයි. තව ද පරිශ්‍රය සඳහා සුදුසු ව්‍යාපාර ස්ථාන ඇති කිරීම, මුදල් පාලනය ඇතුළත් අවස්ථාවන්වල ද හිමිකම පැවරෙයි. අක්කර හතරහමාරක විශාලත්වයකින් යුත් ආකේඩ් පරිශ්‍රය කඩ කාමර 42 කින් සමන්විතයි. පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාවට කඩිනම් සංවර්ධන සැලැස්මක් ඇති කිරීම උදෙසා නගර සංවර්ධනය කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරිණ. ඒ යටතේ වත්මන් කොළඹ නගරය, පැරණි කොළඹ නගරය ලෙස යළි ස්ථාපිත කිරීමත්, පැරණි කොළඹ පැවති ගොඩනැගිලි සම්ප්‍රදායක් සංරක්ෂණය කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවිණ. ඒ අනුව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශ පැරණි බව සුරකිමින් ජනතාවට නිදහසේ ගැවසිය හැකි විවෘත ප්‍රදේශ ලෙස පවත්වාගෙන යාම සඳහා ආකේඩ් පරිශ්‍රය සකස් කෙරිණ. වඩාත් නූතන නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරමින් පැරණි සහ පෞරාණික බව රකිමින් ලාංකික ජන සමාජය හඳුන්වා තිබූ දූපත් වැසියන් යන නාමයෙන් මිදීම මෙහි තවත් එක් අරමුණක් වී තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආකේඩ් නිදහස් චතුරශ්‍රය සොෆ්ට්ලොජික් සමාගමට වාර්ෂිකව ගෙවන බද්දකට යටත්ව වසර 10 කට බදු දෙන බවයි.
 මේ වන විට ව්‍යාපාර ලෝකයේ ප්‍රබල ව්‍යාපාර අවස්ථා රැසක් සොෆ්ට්ලොජික් පෞද්ගලික සමාගම සතුව පවති. එම සියල්ල සොෆ්ට්ලොජික් සමාගම සමඟ කටයුතු කරන ආකේඩ් ව්‍යාපාරික ප්‍රජාව සමඟ බෙදා හදා ගැනීම ව්‍යාපාරික ලෝකයට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇත.


33


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්...
Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද...Read More

මෙරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙගා සංවර්ධන...
Wednesday, 28 April 2021 - 12:00

මෙරට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රි...Read More

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බ...
Tuesday, 20 April 2021 - 12:19

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම ස...Read More