සංචාරක ව්‍යාපාරය සඳහා දුන් ලීසිං සහනය දීර්ඝ කෙරේ

Tuesday, 23 March 2021 - 10:41

සංචාරක ව්‍යාපාරයේ නියුතුවූවන් වාහන මිලදීගැනීම සඳහා මූල්‍ය ආයතනවලින් ලබාගත් කල්බදු ලීසිං ණය ගෙවීමට ලබාදී ඇති ණය සහන කාලසීමාව තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත රිට් ආඥාවක් නිකුත්කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව විසින් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥ සචින්ත ඩයස් මහතා එම දැනුම්දීම සිදු කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස හයක කාලසීමාව තුළ ලීසිං වාරික නොගෙවන සංචාරක ව්‍යාපාරයේ නියුතුවූවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කියා සිටියේ. පසුගිය වසරේ කොවිඩ් වසංගතය පැතිරීම සමඟ ජන ජීවිතය අඩාලවීම නිසා ලීසිං පහසුකම් ලබාගත් අයට වාරික ගෙවීම සඳහා මහ බැංකුව විසින් සහන කාලසීමාවක් හඳුන්වාදෙනු ලැබූ අතර එම සහන කාලසීමාව මෙම මස 31වැනිදා අවසන් වන බව පෙත්සමේ සඳහන්.

44


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්...
Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද...Read More

මෙරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙගා සංවර්ධන...
Wednesday, 28 April 2021 - 12:00

මෙරට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රි...Read More

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බ...
Tuesday, 20 April 2021 - 12:19

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම ස...Read More