තමාට සත්කාර කළ පශු වෛද්‍ය නිළධාරියාව වසර 12 කට පසු හඳුනාගත් ඇත් පැටවා

Wednesday, 17 March 2021 - 10:50


මීට වසර 12 කට පෙර තමාට සත්කාර කළ පශු වෛද්‍යවරයාව ඇත් පැටියෙකු විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ වෛද්‍යවරයා පට්ටරපොල් මැනියොන්ය. ප්ලායි තං එම ඇත් පැටියායි.

2009 දී නැගෙනහිර තායිලන්තයේ රේයොන්ග් වනාන්තරයේ දී මාරාන්තික ට්‍රයිපනොසෝමියාසිස් රෝගයෙන් පීඩා විදි ප්ලායි තං හමුවී තිබෙනවා.

ඒ ඇත් පැටියාට ප්‍රතිකාර කිරීම සඳහා පට්ටරපොල් පැමිණ තිබෙනවා.

ජාතික උද්‍යාන, වනජීවී හා ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රතිකාර කිරීම සඳහා ලැම්පැන්ග් පළාතේ වන කර්මාන්ත සංවිධානයේ භූමියට ප්ලායි තං ගෙන ගොස් තිබෙනවා.

සුවය ලැබීමෙන් මාස කිහිපයකට පසු ඔහු නිදහස් කළා.

වෛද්‍ය පට්ටරපොල් යෙදුණු සංචාරයක දී නැවතත් ප්ලායි තං හමුවුණා.

ඇත් පැටියාගේ සුවිශේෂී ශබ්දය නිසා තමා හඳුනාගත් බවයි වෛද්‍ය පට්ටරපොල් පැවසුවේ.

143


දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More