අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලීසිං සහනය

Tuesday, 16 March 2021 - 11:38

කොවිඩ් වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දී තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා. ඔවුන් සඳහා වන ලිසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලුම බලපත්‍රලාභී බැංකු හරහා ස්ථාවර ලෙස මෙම සහන ක්‍රියාත්මක කිරීම සඳහායි ඒ අනුව පොදු මගී ප්‍රවාහනය ,පාසල් ප්‍රවාහන සේවය ,කාර්යාල ප්‍රවාහන සේවය ,සංචාරකයින් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ආයතන සහ පුද්ගලයින් ,ත්‍රි රෝද ඇතුළු කුලී රථ වැනි පෞද්ගලික මගී ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා මෙම සහන හිමිවනු ඇති. මෙම ලීසිං සහනය එළෙඹෙන අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කල්බදු වාරික කල් දැමීම සඳහා ණය ගැතියන් විසින් අප්‍රේල් 19 වැනිදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් තැපැල හරහා ඉල්ලීමක් කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්. ණය සහන ලබාදීමේ චක්‍රලේඛය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට මහ බැංකුව එකඟතාව පළ කර ඇති බවද වාර්තා වනවා. සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා තිබෙනවා.

111


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්...
Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද...Read More

මෙරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙගා සංවර්ධන...
Wednesday, 28 April 2021 - 12:00

මෙරට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රි...Read More

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බ...
Tuesday, 20 April 2021 - 12:19

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම ස...Read More