සංචාරක ක්ෂේත්‍රයේ අයට ලබාදුන් ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස කිහිපයක් දීර්ඝ කෙරේ

Monday, 15 March 2021 - 09:39

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ලබාදී තිබු ණය හා ලීසිං සහන පැකේජය දීර්ඝ කර තිබෙනවා. ඒ, අනුව එය තවත් මාස 06 කින් දීර්ඝ වනු ඇති. මේ වන විට ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුව එකගත්වය පළ කර ඇත්තේ ණය සහන දීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමටයි. එලෙස හිමි වූ රුපියල් බිලියන 350 ක ණයට සහ රුපියල් බිලියන 105 ක පොළී ගෙවිය යුතුව ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා. මේ අනුව එම ණය හා පොළී ගෙවා ගත නොහැකිව සංචාරක හෝටල් හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබෙන්නේ. මෙම ණය හා පොළී මුදල් ගෙවීම සදහා කිසියම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව එකග වී ඇති බවද වාර්තා වෙනවා.

93


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්...
Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද...Read More

මෙරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙගා සංවර්ධන...
Wednesday, 28 April 2021 - 12:00

මෙරට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රි...Read More

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බ...
Tuesday, 20 April 2021 - 12:19

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම ස...Read More