Facebook හි විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගයක් ලබාගත් නවතම රට බවට ශ්‍රී ලංකාව අද පත්වුණා.
ඒ අනුව Facebook ආයතනය අද මෙම විශේෂ මෙවලම දියත් කරන බව නිවේදනය කර ඇති අතර, රුධිර පරිත්‍යාග කිරීමේ අංගය ලබාගත් 29 වන රට බවට ශ්‍රී ලංකාව පත්වුණා.
මෙම විශේෂාංගය අද සිට ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයින්ට ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකාවේ Facebook ප්‍රතිපත්ති වැඩසටහන් කළමණාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලයන සේවය සහ ශ්‍රී ලංකාව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙය හඳුන්වා දී ඇති බව ඔහුසෞඛ්ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලයන සේවය සහ ශ්‍රී ලංකාව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙය හඳුන්වා දී ඇති බව ඔහු පැවසුවා.
රටේ රුධිර බැංකු 24 ක් මෙම නව මෙවලම සමඟින් සම්බන්ධ කර තිබෙනවා.
වයස අවුරුදු 18-55 අතර Facebook භාවිතා කරන්නන්ට රුධිර පරිත්‍යාග පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ ළඟම ඇති රුධිර මධ්‍යස්ථානයේ හෝ රෝහලේ රුධිර අවශ්‍යතා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා හෙට සිට ලියාපදිංචි විය හැකියි.
ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමට දිරිගැන්වීම සඳහා මෙම විශේෂ මෙවලම හඳුන්වා දී ඇති බව යසස් විශුද්ධි අබේවික්‍රම මහතා පැවසුවා.
මෙම විශේෂාංගය සඳහා ලියාපදිංචි වන අයට රුධිර අවශ්‍යතා පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් ලැබෙනු ඇති අතර රුධිර මධ්‍යස්ථාන සහ රෝහල් විසින් රුධිරය පරිත්‍යාග කිරීමට ඇති සුදුසුකම් තීරණය කරනු ඇති.
32