නෙදර්ලන්තය තුළ ඇඳිරි නීතිය පැනවීම නිසා හටගෙන තිබෙන විරෝධතා තත්වය තෙවන දිනටත් නොකඩවා පවතින අතර අවම 150ක පමණ පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතාකරුවන්ගේ නොසන්සුන්කාරි තත්වය හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙය එරට තුළ අවුරුදු 40 ක් තුළ සිදු වූ දරුණුතම විරෝධතා අරගලයක් බවයි.
ඇඳිරි නීතිය පැනවීම එරහෙිව වීදිවලට ආ විරෝධතාකරුවන් අතර හා පොලිසිය අතර මෙම අරගල තත්වය හට ගත් ඇති අතර පසුගිය සඳුදා දින සිට විරෝධතාකරුවන් අත් අඩංගුවට නියම කර තිබෙනවා.
33