මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී තිබෙන බව රේගු වෘත්තිය සමිති සන්ධානයේ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ උප සභාපති ලාල් වීරකෝන් මහතා පවසනවා.
රේගු වෘත්තීය සමිති සන්ධානය රේගු මූලස්ථානයේ දී ඊයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණා.
පසුගිය වසර (2020) 2019 වසරට සාපේක්ෂව භාණ්ඩ ආනයනයන් සියයට 32කින් අඩු වූ බවත් එම තත්ත්වය මත වුවද රේගුව රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 641ක මුදලක් උපයා දුන් බවත් ඔහු පැවසුවා.
රජය පසුගිය වසරේ දී (2020) ලබා දී තිබූ බදු ඉලක්කය රුපියල් බිලියන 646ක්. නමුත් එම ඉලක්කය සියයට 99කින් සම්පූර්ණ කර ගත හැකි වූ බවත් උප සභාපතිවරයා පවසනවා.
වැට් බදු ආදායම සියයට 15 සිට සියයට 8 ක් දක්වා අඩු කිරීම නිසා රජයට අහිමි වී තිබෙන බදු ආදායම රුපියල් බිලියන 80ක්.
37