ඊයේ දිනයේදී මෙරටින් නව ආසාධිතයින් 755 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 59,922 ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් 741 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර තවත් 07 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන් ගණන 56,036 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර විදේශයන්හි සිට පැමිණි 07 දෙනෙකුද ඊයේ ආසාධිතයින් ලෙස හඳුනාගැනුණා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 8588 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 51,046 ක්. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිත මරණයත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගියා.