කුළියට ගත් වාහන විකුණන මහපරිමාණ ජාවාරමක තොරතුරු හෙළිවෙයි

Wednesday, 13 January 2021 - 11:20

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් වාහන කුලියට ලබාගෙන එම වාහන තවත් පාර්ශ්වයකට විකුණන කණ්ඩායමක් පොලිසිය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඔවුන් විසින් ව්‍යාජ හැඳුනුම්පත් සහ විදුලි බිල්පත් ඉදිරිපත් කරමින් වාහන ලබාගෙන ඒවා කොටස් කර කැබිලි විකුණා දැමීම හෝ සම්පූර්ණ වාහනයම විකුණා දැමීම සිදුකරන බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
මෙම ජාවාරමට අදාල සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා යක්කල සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ව්‍යාජ ලෙස විකුණන ලද වාහන 17 ක් මේවනවිට මුල්ලේරියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙවැනි සිද්ධියකට මුහුණ දුන් අයෙකු වේ නම් මුල්ලේරියාව පොලිසියට පැමිණ එම වාහන 17 අතර තමන්ගේ වාහනය ඇත්දැයි සොයා බැලිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
19


ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයින්ට නව විශේෂාංගයක...
Wednesday, 27 January 2021 - 10:13

Facebook හි විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගයක් ලබ...Read More

වාහන ගෙන්වීම නැවැත්වීමෙන් බිලියන 80 ක පාඩුවක්.
Wednesday, 27 January 2021 - 10:05

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේත...Read More

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි - දින...
Wednesday, 27 January 2021 - 09:40

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූ...Read More