පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ISIS සංවිධානයේ ආධාරකරුවන් වීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකුට අමෙරිකාවේ අධිකරණයක් හමුවේ චෝදනා ගොනුකර තිබෙනවා.
මොහොමඞ් නවුෆර්,මොහොමඞ් අන්වර් මොහොමඞ් රිස්කාන් සහ අහමඞ් මිල්හාන් හයාදු මොහොමඩ් යන 03 දෙනාට එරෙහිව මෙලෙස අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇත්තේ ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණය හමුවේයි.
ISIS මතවාදය ප්‍රචලිත කිරීම, පුහුණු සැපයීම, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන්ට චෝදනා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ල වු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය 268 දෙනා අතර අමෙරිකානුවන් 05 දෙනෙකුද වුණා.
එයද චෝදනා ගොනූකිරීමේදී අවධානයට යොමුකළ කරුණක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
17