නීති විරෝධිව මෙරටට ගෙනආ වාහන රේගු භාරයට

Wednesday, 13 January 2021 - 11:13

විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයක් වටිනා මෝටර් රථ 12 ක් කොළඹ වරාය පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රේගු භාරයට ගෙන තිබූ අතර එම මෝටර් රථ කොළඹ, ඔරුගොඩවත්ත, වැලිගම්පිටිය ග්‍රේලයින් බහාලුම් අංගනයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසනවා.
කිලෝග්‍රෑම් 12,140 බරැති මෙම අඩි 40 ක් දිග බහාලුම් 03 ක් සිංගප්පූරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ මහ කොමසාරිස් බ්‍රිතාන්‍ය කාර්යාලයේ සේවය කරන නමට තානාපති වරප්‍රසාද යටතේ කොළඹ වරායට එවා තිබුණා.
කෙසේවෙතත් මෙම බහාලුම් පිළිබඳව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මේ පිළිබඳව සොයා බැලීමේදී මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීවරයා එවැනි ආනයනයක් සිදු කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර කොළඹ වරායේ සේවය කරන වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම සැකකරු මේ මස එනම් 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මෙම බහාලුම් 03 මාධ්‍යවේදීන් හමුවේ විවෘත කර පරීක්ෂා කර බැලීමක් සිදු කළ අතර එහිදී ඒ තුළ තිබූ ටොයෝටා හයි ඒස් වෑන් රථ 02 ක්, ටොයෝටා විට්ස් කාර් රථ 03 ක්, නිසාන් මිනි වෑන් 01 ක්, හයි ජෙට් මිනි වෑන් 03 ක් සහ හස්ට්ලර් වැගන් රථ 03 ක් ද රේගු නිලධාරීන් විසින් සොයාගෙන සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ආනන්දීෂ්වරන් මහතාගේ උපදෙස් මත
රේගු අධ්‍යක්ෂ ඩී ඒ එස් චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා, රේගු අධිකාරීවරුන් වන මහින්ද සිරිවර්ධන, නිශාන්ත මිරිහාගල්ල, සහකාර රේගු අධිකාරීවරුන් වන කැළුම් තුෂාර, ඉදුනිල් බණ්ඩාර, පසිදු මදනායක, පුලස්ති ලක්ෂාන් සහ තරිඳු පරණමාන යන මහත්වරුන් විසින් සිදු කර තිබුණා.
25


ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයින්ට නව විශේෂාංගයක...
Wednesday, 27 January 2021 - 10:13

Facebook හි විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගයක් ලබ...Read More

වාහන ගෙන්වීම නැවැත්වීමෙන් බිලියන 80 ක පාඩුවක්.
Wednesday, 27 January 2021 - 10:05

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේත...Read More

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි - දින...
Wednesday, 27 January 2021 - 09:40

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූ...Read More