ගෝලීය කොරෝනා වසංගත රෝගී තත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ ගුවන් මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය ඉතා විධිමත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව සිදු කරන බවටත් එම ක්‍රියාවලීන්ගේ ප්රමිතිකරණය සහතික කරමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සිලය මෙම සහතිකය පිරිනමා ඇති බව කටුනායක ගුවන් තොටුපළ ශ්‍රවණාගාරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සහ ජාත්‍යන්තර ගුවන් සේවා නැවත ඇරඹීමේ කාර්යය සාධන බළකායේ නිර්දේශවලට යටත්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන් අනුගමනය කරන සෞඛ්යාරක්ෂිත ක්‍රියාවලීන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කර මෙම සහතිකය ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් ලුයිස් ෆෙලිපේ ඩි ඔලිවෙයිරා මහතා විසින් පිරිනමා තිබෙන බව සඳහන්.
මෙම වැඩසටහන ගුවන් මගී ප්‍රජාව සදහා ලෝකයේ ගුවන් තොටුපලවල පවත්නා වූ පහසුකම් පූර්ව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙහෙයුම් සිදුකරමින් සෞඛ්‍ය අවදානම අඩු කිරීම ස`දහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන්නක්.
මෙම වැඩසටහන යටතේ විශබීජානුහරණය සහ පිරිසිදු කිරීම්, භෞතික දුරස්ථභාවය, සේවක ආරක්ෂාව, භෞතික සැකැස්ම, මගී සන්නිවේදනය සහ ගුවන් මගී පහසුකම් යන තේමාවන් ඔස්සේ සියලුම මගී ක්ෂේත්රයන් සහ ක්‍රියාවලීන් සිදු කෙරෙන ගුවන් මගී පර්යන්ත පිවිසුම්, ගුවන් ප්‍රවේශ පත්‍ර කවුළු, ආරක්ෂක පරීක්ෂා කිරීම්, ගුවන් පාළම්, තීරු බදු රහිත සාප්පු සංකීර්ණය, ආහාර සහ පාන ලබා දෙන ක්‍රියාවලිය, පිවිසුම් දොරටු උපකරණ, විදුලි සෝපාන, ආගමන විගමන ක්ෂේත්රය, ගුවන් ගමන් මලු නැවත ලබා ගන්නා ස්ථාන සහ අනෙකුත් පහසුකම් අධීක්ෂණයට ලක් කර තිබෙනවා.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට සහ ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවට ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි, ගුවන් තොටුපළ සමාගමේ සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි, එම සමාගමේ අධ්යක්ෂවරුන් වන ෂෙහාන් සුමනසේකර සහ අරුණ වරුෂහැන්දිගේ යන මහත්වරුන් සහභාගී වී සිටියා.
18