මිහිඳු නිවහන ජාතික නිවාස වැඩසටහනේ ව්‍යාපෘති වාර්තාව පිළිගැන්වෙයි Inbox

Wednesday, 13 January 2021 - 11:10

බුදු සසුනට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ මිහිඳු නිවහන ජාතික නිවාස වැඩසටහනේ ව්‍යාපෘති වාර්තාව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ට
පිළිගැන්වීම ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතින් මහනුවර මල්වතු සහ අස්ගිරි
විහාරස්ථානවලදී සිදු කෙරුණා.
අමාත්‍යවරයා ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශක මහනිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි
බැහැදැක ආශිර්වාද ලබාගෙන මෙම නිවාස වැඩසටහන පිළිබඳ දැනුවත් කොට එහි ව්‍යාපෘති වාර්තාව උන්වහන්සේට පිළිගන්වනු ලැබූ බවයි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශක මහනිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාමිහියන් බැහැදැක
ආශිර්වාද ලබාගෙන මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කර ඇති බව සඳහන්.
19


ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයින්ට නව විශේෂාංගයක...
Wednesday, 27 January 2021 - 10:13

Facebook හි විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගයක් ලබ...Read More

වාහන ගෙන්වීම නැවැත්වීමෙන් බිලියන 80 ක පාඩුවක්.
Wednesday, 27 January 2021 - 10:05

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේත...Read More

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි - දින...
Wednesday, 27 January 2021 - 09:40

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූ...Read More