සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නැවතත් එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ප්රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් 01 වනදා තෙක් එය බලපැවැත්වෙනු ඇති.
ඒ අනුව පසුගිය මැයි 30 වන දිනෙන් පසු සිදුවීම්වලට අදාළ සුරක්ෂා ප්රතිලාභ දීමනා ලබාගැනීම සඳහා අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කළ යුතු වනවා. මෙම රක්ෂණ හිමිකම් අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් වළකින ලෙස දෙමව්පියන්, දූදරුවන් දැනුවත් කරන ලෙස කලාප අධ්‍යාපන කාර්යාල මගින් සියලු පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.
17