තාරික් මොහොමඩ් ජනපති හමුවෙයි

Tuesday, 12 January 2021 - 10:28

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍රය පිළිගන්වා තිබෙනවා. ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය සහ කොවිඩ් 19 පාලනයට රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිවරයා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සබඳතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව පැවසූ බව සඳහන්. ඉන්දීය සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස සාමුද්‍රීය සහයෝගීතා වර්ධනයට විශාල ඉඩකඩක් ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. කෘෂිකර්මය සහ අපනයන බෝග ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ වෙළෙඳාම සබඳතා ප්‍රසාරණය කළ හැකි සෙසු ක්ෂේත්‍ර ලෙස ජනාධිපතිවරයා විසින් නම් කර තිබෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රමුඛ අවශ්‍යතාවක් ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


20


නෙදර්ලන්තයේ කොරෝනා මර්දනයට පැනවූ ඇඳිරි නීත...
Wednesday, 27 January 2021 - 10:10

නෙදර්ලන්තය තුළ ඇඳිරි නීතිය පැනවීම නිසා හටගෙ...Read More

විරෝධතාවයක නිරත ඉන්දීය ගොවියෝ ඓතිහාසික රතු ...
Wednesday, 27 January 2021 - 09:49

ඉන්දියාවේ කෘෂිකාර්මික රාජ්‍ය ප්‍රතිපත්ති ව...Read More

මොඩර්නා එන්නත ගැන ලෝකෙටම සුබ ආරංචියක්.
Wednesday, 27 January 2021 - 09:44

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙ...Read More