අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලක් යටතේ පවත්වා ගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ආහාර ස්ථාවර මිලකට ලබා ගැනීමට පහසුකම් සැලසීම එහි අරමුණයි.
එම ස්ථාවර මිල ගණන් මාස 6 ක කාලයක් පවත්වා ගැනීමට අපේක්ෂිත බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිනවා. ස්ථාවර මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර වර්ග සැපයීමට හැකි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීම ඉදිරි දිනවල සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. ලබන මාසයේ සිට වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
සහල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, කඩල, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ මාස 6 ක කාලයක් පාරිභෝගිකයින් වෙත අලෙවි කෙරෙනු ඇති.
ඔහු පැවසුවේ අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට අපේක්ෂිත බවයි.
25