සංචාරක හෝටල් වල හිඟ විදුලි බිල්පත් ගෙවීමට දී තිබූ සහන කාල සීමාව තවදුරටත් දීර්ඝ කෙරේ

Thursday, 24 December 2020 - 09:31

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලි බිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. කොවිඞ් 19 ගෝලීය වසංගත තත්ත්වය යටතේ, විදේශීය සංචාරකයන්ගේ මෙරටට පැමිණීම අඩාලවී ඇති අතර දේශීය වශයෙන් ද සංචාරක ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. එම තත්වය සලකා බලමින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව මෙම වසරේ හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදී තිබූ සහන කාල සීමාව තවදුරටත් දීර්ඝ කරමින්, ලබන වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා වසරක සහන කාලසීමාවක්ද ලබාදී ඇති බවයි විදුලිබල අමාත්‍යංශය නිවේදනය කළේ. අදාළ වසරක කාලය තුළ සමාන වාරික වලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හෝටල් කර්මාන්තයේ නියැලෙන්නන්හට මෙමඟින් අවස්ථාව හිමිවනවා



46


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු අද සිදු වූ...
Friday, 22 January 2021 - 16:55

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට “සියල...Read More

යුරෝපානු සංගමය ශ්‍රී ලංකාවට රු.බිලියන 8.26ක ආධ...
Friday, 15 January 2021 - 11:23

යුරෝපානු සංගමය විසින් (EU) ශ්‍රී ලංකාවට රුපියල...Read More

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක අ...
Thursday, 07 January 2021 - 09:50

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අ...Read More